රනිල්, බිරිඳ මෛත්‍රී සමග අද(14) ඉන්දියාවට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (14) ඉන්දි...

https://www.sathhanda.com/2015/09/ranil-maithree.html
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (14) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්වීමට නියමිතය.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි, විදේශ ඇමැතිනී සුෂ්මා ස්‌වරාඡ් යන මහත්ම මහත්මීන් ඇතුළු ඉන්දීය ජ්‍යෙෂ්ඨ නායකයන් සමග වික්‍රමසිංහ මහතා මෙහිදී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.
අග්‍රාමාත්‍යවරයා ලෙස වික්‍රමසිංහ මහතා සහභාගි වන මුල්ම නිල විදේශ සංචාරය මෙය වන අතර, මෛත්‍රී වික්‍රමසිංහද ඊට එක් වන්නීය.
විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්‌ටි, ඉන්දීය නව ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත්කිරීමට නියමිත ඇසළ වීරකෝන් ද මේ සංචාරයට සහභාගි වෙති.
මේ අතර මලික් සමරවික්‍රම සඳහන් කලේ සීපා ගිවිසුම ගැන සාකච්චා නොකරන බවය එහෙත් හර්ෂ ද සිල්වා සඳහන් කලේ සීපා ගැන සෘජු සාකච්චා නොපවත්වන බවය. එය එකිනෙකට නොගැලපෙන කතාවකි.
Related