ශ්‍රීලනිප මන්ත්‍රීන් ජනපති සමග හදිසි සාකච්ඡාවක

අද (04) දිවුරුම් දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් සහ එම පක්‍ෂයේ තවත් මන්ත‍්‍රීවරුන් පිරිසක් අද පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රිපාල ...

අද (04) දිවුරුම් දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් සහ එම පක්‍ෂයේ තවත් මන්ත‍්‍රීවරුන් පිරිසක් අද පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා හමුවී තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා විසින් කරන ලද විශේෂ කැඳවීමක් අනුවයි. කොළඹ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී මෙම හමුව සිදුව තිබෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද යාපා අබේවර්ධන, සුසන්ත පුංචිනිළමේ, අරුන්දික ප‍්‍රනාන්දු, මොහොන් ලාල් ග්‍රේරු සහ නිමල් ලන්සා මීට සහභාගි වු අමාත්‍ය ධුර නොලැබුණු මන්ත‍්‍රීවරුන්ගෙන් කිහිපදෙනෙක්.

අද (04) ලබාදුන් අමාත්‍ය ධුරවලට අමතරව ඉදිරියේ දී තවත් අමාත්‍ය ධූර, රාජ්‍ය අමාත්‍ය ධූර සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර ලබා දෙන බවද එහිදී මෙම හමුවට සහභාගි වු මන්ත‍්‍රීවරුන් පිළිබඳ සලකා බලන බවද ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා. 

මේ අතර දේශපාලන ආරංචි පැවසුවේ සෙසු අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලබන සතියේ දිවුරුම් දෙන බවයි. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 545268795892945981

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item