1815න් පසු සිදුවන 2015 වේ මහා පාවාදීම මේකයි - යුද අපරාධ යෝජනාවට එරෙහිව පක්ෂ අටක් පෙරට

දින අභයාරාම විහාරස්ථානයේ දී පැවති යුද අපරාධ යෝජනාවට එරෙහිව පක්ෂ සන්ධානයක් ලෙසින් ජනතාව දැනුවත් කිරීමට සහ අදාල ක්‍රියාමාර්ග ගැනීමට තීරණය ක...

දින අභයාරාම විහාරස්ථානයේ දී පැවති යුද අපරාධ යෝජනාවට එරෙහිව පක්ෂ සන්ධානයක් ලෙසින් ජනතාව දැනුවත් කිරීමට සහ අදාල ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.  මේ සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය,මහජන එක්සත් පෙරමුණ,ජාතික නිදහස් පෙරමුණ,පිවිතුරු හෙළ උරුමය,ප්‍රජාත්‍රන්ත්‍රවාදි වාමංශික පෙරමුණ,ලංකා සම සමාජ පක්ෂය,ශ්‍රි ලංකා කොමියුනිස්ට් පක්ෂය,දේශ විමුක්ති ජනතා පක්ෂය යන පක්ෂ වල නායකයින් සහ නියෝජිතයන් සහභාගි විය. එහි මාධ්‍ය හමුවක් අද (29) දින නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්විණි. එහිදී දීර්ග ලෙස අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, 

හෙට දිනය ජාතියේ ඉරනම තීරනය කෙරෙන අවාසනාවන්ත දිනයක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. 1815 අපේ රටේ එවකට හිටපු අමාත්‍ය මණ්ඩලය හා රදලයින් අපේ රට පාවා දුන්නට වඩා මේ පාවාදීම භයානකයි. එදා අපේ රට පාවා දුන්නේ එංගලන්තයට විතරයි. මෙදා සමස්ථ ජ්‍යත්‍යන්තරය ඉදිරියේ රට පාවාදීමට ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම මෙය ආපසු හැරවිය නොහැකි වරදක් බවටයි පත්වන්නේ.

අපි දන්නව මේ ආණ්ඩුව තෙල් සංස්ථාව පුද්ගලීකරණය කලොත් අපිට ඇවිත් තමුන්නාන්සේලාට ප්‍රතිඥාවක් දෙන්න පුලුවන් අපේ ආණ්ඩුවකින් අපි මෙය ආපසු රජයට ගනන්වා කියල. නමුත් ජ්‍යාත්‍යාන්තර බැදීම් ආණ්ඩුවක් වෙනස්වූ පමනින් වෙනස්කරන්න බෑ. 

එදා ඉන්දුලංකා ගිවිසුම අත්සන්කල අවස්ථාවෙ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පැවසුවා අපේ ආණ්ඩුවකින් මේ ගිවිසුම අවසන් කරනවා කියලා. නමුත් එය ඉටුකල නොහැකි වුනා. එනිසා හෙට ලංකාව සම සහභාගීත්වයෙන් ගෙන එන යෝජනාව සම්මත කරගතහොත් ශ්‍රී ලංකාවට යලි පිටමන් විය නොහැකි උගුලක වැටෙනවා කියන අනතුරු ඇගවීම අපි කරන්න ඕනෙ. 

මේක එක්සත් ජාතික පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර ප්‍රෂ්නයක් නෙවෙයි. අපි ආණ්ඩුබලයක් ලබාගැනීම සදහා ආණ්ඩුව විවේචනය කරනවාද නෙවෙයි. මේ අමාරුවේ දමන්න හදන්නේ අපේ ආදරණීය මවුබිමයි. ඒ නිසා පාට පක්ෂ භේද පැත්තකින් තියල අපි එජාපයේ නායකයින්ට ආයාචනාකරනව අපි මේ කියන කරුනු වලට ඇහුන්කන් දෙන්න. මේ කරන්න යනදේ ගැන නැවත හින්න. නැතහොත් ඔවුන් ඉතිහාසයට එක්වන්නේ ද්‍රෝහීන් විදිහටයි.මේ වත්මන් ආණ්ඩුව රට පාවා දෙන්න යනව විතරක් නෙවෙයි මාධ්‍ය මෙහෙයුම් හා මාධ්‍ය සංදර්ශන හරහා ඇත්ත නැත්ත කරමින් ජනතාව නොතකා හරිමින් තියෙනවා.

අපි දැක්ක පෙරේදා ඇමරිකාව විසින ඉදිරිපත්කරනු ලබන කෙටුම්පත පුවත්පත් වාර්ථා කර තිබුනා. සමහර පුවත්පත් පරිවර්තනය කරද්දිම වැදගත් කරුණු යටපත් කරමින් තමයි පරිවර්තනය කර තිබුනේ. යම් බලපෑම් තිබෙන්න පුලුවන්. ඒ වගේම පුවත්පත් වලට දොස්කියන්න බෑ විදේශ කටයුතු අමාත්‍යන්ශය තම නිල වෙබ් අඩවියේ ඉංග්‍රීසි කෙටුම්පත හා එහි සිංහල පරිවර්තනය දමා තිබෙනවා. එහි අතිශයින්ම වැදගත් කාරණා සිතා මතාම විකෘති කර පලකොට තිබෙනවා රටේ ජනතාව නොමග ඇරීමේ අරමුනින්.

ලංකාවේ විශිෂ්ඨතම භාෂා පරිවර්තකයන් සිටිය යුත්තේ විදේශ අමාත්‍යන්ෂයටයි. ඒ නිසා පරිවර්තන දෝෂ පිළිබදව වගකීමෙන් මිදෙන්න විදේශ අමාත්‍යන්ෂයටය කිසිම හැකියාවක් නෑ. මෙම යෝජනාවේ 6වන ඡේදයේ (and affirms that a credible justice process should include independent judicial and prosecutorial institutions led by individuals known for integrity and impartiality; and further affirms in this regard the importance of participation in a Sri Lankan judicial mechanism, including the Special Counsel’s office, of Commonwealth and other foreign judges, defence lawyers, and authorized prosecutors and investigators; ) සිංහල අදහස වන්නේ විශේෂ නීති උපදේශක කාර්යාලයේත් විනිස්චය කරුවන් අතරත් විමර්ශන නිලධාරීන් අතරත් නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය ඉටුකරන්නන් අතරත් විදේශිය පුද්ගලයන් සිටිය යුතුය කියා.

නමුත් සිංහලට පරිවර්තනය කර තියෙන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය හා වෙනත් විනිසුරුවන්ගෙන් විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් අභිචෝදකයන් හා විමර්ෂකයන් සමන්විත විශේෂ උපදේෂක කාර්යාලයක සහභාගීත්වය ඇතුලු ශ්‍රී ලංකා අධිකරණ යාන්ත්‍රණයක බලය යටතේ අවශ්‍ය බව මේ සම්බන්ධයෙන් තවදුරටත් වැදගත් වන බවට සහතික කිරීමට කැමැත්තෙමු. මේකෙ කියවෙන විදිහට අර විශේෂ උපදේෂක කාර්යාලය තමයි අර විදේශ කට්ටිය ඉන්නෙ. ඒ ගොල්ල කරන්නෙ උපදෙස් දීම විතරයි.

අවාසනාවකට මේ කාරනේ ඉංග්‍රීසියෙන් කියවල සිංහලෙන් කියපු අගමැතිතුමන් මෙවැනි පණිවිඩයක් හැගෙන ආකාරයෙන් තමයි ඊයේ විවෘත කිරීමේ උත්සවයකදි තම දේශණය කලේ. ඒ කියන්නෙ ආණ්ඩුව හිතාමතා පරිවර්තනය විකෘතිකරමින් ජනතාව නොමග යවමින් ඉන්නවා. මෙතන දෙමුහුන් කියන කාරනය නැතිවුනත් යාන්ත්‍රණය ශ්‍රී ලාංකිකයි යාන්ත්‍රණය මෙහෙයවන අය විදේශිකයි. ඒ නිසා තමයි මේක දෙමුහුන් බවට පත්වෙන්නේ. 

මහින්දටත් දෙමුහුන් අධිකරණයක් තිබුණ ද?

අට වෙනි වගන්තියත් සිතා මතාම විකෘති කරලා තියෙනවා අටවෙනි වගන්තියේ සදහන් වෙනවා (ensuring that no scope exists for retention in or recruitment into the security forces of anyone credibly implicated through a fair administrative process in serious crimes involving human rights violations පරිපාලනමය ක්‍රියා වලියකින් මනව හිමිකම් කඩවිම් ඇතුලුව බරපතල අපරාධ සිදු කල බවට හදුනා ගත් අය තව දුරටත් ආරක්ෂක හමුදා වල නොරුදෙන බවට වග බලා ගත යුතුය කියලා. දැන් (fair administrative process) මේක සිංහලට පරිවර්ථනය කරන්නේ සදාරණ අධිකරන ක්‍රියාවක් මගින් කියලා.

මොකක් ද මේ අධිකරණ ක්‍රියාවලියයි, පරිපාලන ක්‍රියාවලියයි අතර වෙනස. දැන් මේ අය මුලින්ම යොජනා කරන්නේ හය වෙනි වගන්තියේ සදහන් දෙමුහුන් අධිකරණයක් හදලා මේ දෙමුහුන් අධිකරණයෙන් අපේ රණවිරුවන්ගේ අපරාධ චෝදනා විභාග කරන එක. අපි දන්නවා අධිකරණ ක්‍රියාවලියේ මුලික සිද්ධාන්තයක් තමයි අපරාධකරුවන් 100 දෙනෙක් අධිකරන ක්‍රියාවලිටයන් නිදහස් වෙලා යනවට වඩා එක් පුද්ගලටයක් අධිකරණ ක්‍රියා වලියෙන් වරදකරුවකු වීම සමාජයට හානි කෙරේය යන මුලික සිද්ධාන්තයට තමයි අධිකරණ ක්‍රියාවලිය ගොඩ නැගිලා තියෙන්නේ. ඒ නිසා සැකේ වාසිය දෙන්නේ විත්තියට. බැරි වෙලා වත් අපේ රණවිරුවකුට චෝදනා නගලා සැකේ වාසිය ලැබිලා නිදහස් වුනොත් අන්න පටන් ගන්නවා පරිපාලන ක්‍රියා වලිය. මොකක් ද මේ පරිපාලන ක්‍රියා වලිය කියන්නේ? විනය පරීක්ෂණ කරලා හමුදාව ඇතුලේ විනය පරීක්ෂණ කරලා එතකොට අධිකරණය වගේ සැකේ වාසිය විත්තියට වගේ නෑ. විනය පරීක්ෂණයක් කරලා හමුදාව ඉවත් කරන්න ඕනේ. අර දෙමුහුන් අධිකරණයෙන් බේරුණාත් තව පාරක් පොල්ලක් තියාගෙන ඉන්නවා පරිපාලන ක්‍රියාවලිය. 

මේක ජනතාව දැන ගන්න එක නවත්වන්න හය වන ජේදයේත්, අටවන ජේදයේත් දෙකේම සදහන් කරලා තියෙන්නේ අධිකරණ ක්‍රියාවලිය කියලා. කාවද මේ රවට්ටන්න යන්නේ. ජනතා නියෝජිතයන්ගෙන් සැදුම් ලත් ආණ්ඩුවක් නම් තමන් කරන්න යන්නේ මොකක්දැයි මුලින් තමන් තේරුම් අරගෙන දෙවනු තමන්ව පත් කල ජනතාවට කියන්න. ජනතාවගේ කැමැත්තෙන් තමයි මේ දේවල් සිද්ධ විය යුත්තේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වන වගන්තිය අනුව මේ රටේ ස්වධිපත්තිය තියෙන්නේ ජනතාවට. ආණ්ඩුවට එක කාටවත් පාවලා දෙන්න බෑ. මේ දෙමුහුන් අධිකරණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වන වගන්තිය උල්ලංගනය වෙනවා. මේ දෙමුහුන් අධිකරණයේ පනත් කෙටුමු පත පාර්ලිමේන්තුවට ගෙන විට මෙය ජන මත විචාරනයකින් මිස සම්මත කල ගත නොහැකි යැයි ශේෂ්ඨාදිකරණය නියෝගයක් ගන්න අපි අනිවාර්යෙන්ම කට යුතු කරනවා. මේ රටේ ජනතාවගේ කැමැත්ත කින් තොරව ජනතාවගේ බෙල්ලට තොණ්ඩුව දාන්න මේ දේශත් ද්‍රෝහි ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ කියන ස්තාවරයේ අපි ඉන්නවා.

මේ ක්‍රියාවලියේ දී එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයකු චෝදනා කරනවා මේ දෙමුහුන් ක්‍රියාවලිය දෙමුහුන් අධිකරනය අපේ රටට අලුත් දෙයක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි ඉස්සෙල්ලාම හදුන්වා දුන්නේ කියලා. මට එතුමාට ජනාධිපති භාෂවෙන් කියන්න තියෙන්නේ බම්බුව තමයි. මහින්ද මැතිතුමාගේ කාලේ කිසිම දෙමුහුන් අධිකරණයක් හදුන්වා දිලා නෑ. එතුමගේ කාලේ පත් කල පරික්ෂණ කොමිසන් සභා වලට විද්වත් උපදෙස් ලබා දීමට විදේශිය අද්දැකිම් තියෙන විද්වතුන්ගෙන් සමන්විත උප දේශන මණ්ඩලයක් පත් කලා. උපදේශන මණ්ඩලයේ දෙන උපදෙස් පිළිගන්නත් පුළුවන් නොපිළිගන්නත් පුළුවන්. ඊළට කොමිසන් සභාවෙන් ලබා දෙන්නේ නිර්දේශ. ඒ නිර්දේශ ආණ්ඩුවකට පිළිගන්නත් පුළුවන් නොපිළිගන්නත් පුළුවන්. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ පිළිගන්න ආණ්ඩුව බැදිලා නෑ. නමුත් මේ දෙමුහුන් අධිකරණ කියන්නේ තවත් එක් අධිකරණ පද්දතියක් මෙතන දෙන්නේ නිර්දේශ නෙවෙයි තින්දු. ඒ තින්දුව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක විය යුතුයි. එල්ලා මරණු කියුවහොත් එල්ලා මැරිය යුතුයි. ඒ නිසා මේ ක්‍රියාවලිය අර ක්‍රියාවත් එක්ක සන්සන්දනය කරන්න බෑ. ශ්‍රි ලංකාව තුළ මිට පෙර කිසිම අවස්ථාවක දෙමුහුන් අධිකරණයක් හදුන්වා දී නෑයි කියලා දන්නාකම පෙන්වන් ගොස් නොදන්නාකම ප්‍රදර්ශනය කරපු එක්සත් ජාතික පක්ෂ ඇමතිතුමට අපි කියන්න කැමතියි. 

වගවීමේ ක්‍රියාවලියක් ගැන මහින්ද බෑං කී මූන් ට පොරොන්දු උනාද

මේ දිනවල නැගෙන අනික් චෝදනාව තමයි අනේ අපිට කරන්න දෙයක් නෑ. මේක මේ මහින්ද රාජපක්ෂ මහත්තය පටන්ගත්ත වැඩක්නෙ. යුද්ධය අවසන් වෙලා ලංකාවට ආවා එක්සත් ජාතීන්ගේ මහලේඛම් බෑං කී මූන් 2009 මැයි මාසෙ 26 වෙනිද. බෑං කී මූන් මහත්තයයි මහින්ද රාජපක්ෂ මැතිතුමයි ගිවිසුමක් අත්සන් කලා. ඒ ගිවිසුම අනුව අපරාධ පරීක්ෂනයක් කරල වැරදිකරුවන්ට දඩුවම් දෙන්න පොරොන්දුවුනා. ඒ පොරොන්දුව කඩවීම නිසයි මේ ජ්‍යාත්‍යාන්තරය කෑගහන්නේ. ඒක නිසා අපි මේ අමාරුවෙ වැටිල අකමැත්තෙන් තමයි මේව කරන්න වෙලා තියෙන්නේ කියල එජාප ඇමතිවරු තැන්තැන්වල ප්‍රකාශ කරනව.

ඇත්තටම 2009 මැයි මාසෙ 26 වෙනිද මොකද වුනේ. මුලින්ම කියන්න ඕනෙ එක්සත් ජාතීන්ගේ මහලේඛම් හා ලංකාවේ ජනපති අතර කිසිම ගිවිසුමක් අත්සන්කලේ නෑ. තැන් තැන්වල ගිවිසුම් අත්සන් කළා යැයි කියමින් යන අධිකරන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමන්ට අභියෝග කරනව එවැනි ගිවිසුමක් තියෙනවානම් රටට හෙළි කරන්න කියල. එහෙම නම් මොකක්ද ඇත්තට උනේ. එතුමා ඇවිල්ල ගිහාම සම්ප්‍රදායක් තමයි රාජ්‍ය නායකයෙක් හා සමාන එක්සත් ජාතීන්ගේ මහලේඛම්වරයා රටක සංචාරයක් කලාම ඒ ආණ්ඩුව හා එක්සත් ජාතීන්ගේ කාර්යාලය එකතුවෙලා ඒකාබද්ධ නිවේදනයක් නිකුත්කරනව. මැයි 26 නිකුත්වූ ඒකාබද්ධ නිවේදනයේ අවසන් ඡේදයේ එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා කියනවා මානව හිමිකමි සහ ජ්‍යාත්‍යාන්තර මානුෂීය නීතිය කඩකිරීම් සම්බන්ධයෙන් වගවීමේ ක්‍රියාවලියක් අවශ්‍යයි. කවුද මේක කියන්නේ ? ආණ්ඩුවද? ඒකාබද්ධවද? නෑ. 

අපිට මතකයි ජවිපෙ හා ශ්‍රිලනීපය අතර 2004 ඇතිවූ ගිවිසුමේදි ශ්‍රිලනීපය සිය මතය කියනව අපි ෆෙඩරල්. ජවිපෙ සිය මතය කියනව අපි ඒකීයයි කියල. ඒ වගේ මත දෙක්ක තියෙන්න පුලුවන්. ඒ වගේ මෙතන වගවීමේ ක්‍රියාවලියක් අවශ්‍යයි කියන්නේ කවුද එක්සත් ජාතීන්ගේ මහලේඛම්. ලංකා ආණ්ඩුව කියල නෑ. ඊලග වාක්‍යයේ කියනව ආණ්ඩුව දුක්ගැනවිලි ගැන සොයා බලන බව. එහෙමනම් මේ දුක්ගැනවිලි ගැන සොයා බලන්න ආණ්ඩුව පොරොන්දු උනා මිසක වගවීමේ ක්‍රියාවලියක් සදහා ආණ්ඩුව කොතනකවත් පොරොන්දු වෙළා නෑ. 

මෙවැනි පදනම් විරහිත චෝදනා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කරන අයට මම කියනව නැවත සන්සුන්ව නිරවුල් මනසින් මේ ඒකාබද්ධ ප්‍රකාශය කියවා බල්නන කියල. ඔබේ පක්ෂය කුමක් වුනත් ඔබේ ජාතිය ආගම විවිධ ප්‍රභේදයන් කුමක් උවත් ඔබ මේ රටට ඇත්තටම ආදරය කරන අයෙක්නම් එන්න අපි හා එක්වෙන්න මවුබිමේ නිදහස් සටනක් යලි ආරම්භ කරන්න. මොකද මවුබිම දැවැන්ත අදුරක. ඒ වගේම මේ සටනේ ප්‍රභල සෙන්පතියන් වෙන්න මගේ මාධ්‍යෙව්දී සහෝදරයන්ට ආරාධනා කරනව. අපි දන්නව ඔබ ඉන්නෙත් දැවැන්ත පීඩනයක. අගමැතිතුමන් පාර්ලිමේන්තුව ඇතුලෙ අපිට ඇගිල්ල උලුක්කරල කතාකරන හැටියට තමුන්නාන්සේලාට එල්ලකරල තියෙන පීඩනයේ දිග පළල අපිට හිතාගන්න පුලුවන් . නමුත් මේ මොහොතේ සමස්ථ ජාතිය වෙනුවෙන්ම ඔබේ යුතුකමක් තියෙනව මේ පීඩනයට යටනොවී මවුබිම වෙනුවෙන් පෙනී සිටින්න කියන ආරාධනව මම මාධ්‍යෙව්දී සහෝදර වරුන්ට මම ඉදිරිපත් කරනව.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 588534020923363622

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item