කොන්ඩයාට බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක්

කොටදෙණියාව සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු දුනේෂ් පි‍්‍රයශාන්ත හෙවත් කොණ්ඩයා නමැති සැකකරු මීගමුව බන්ධනාගාරයේ විශේෂ සිර මැදිරියක විශේෂ ආරක්ෂාවක් ඇතුව වෙනුවෙන් බන්ධනාගාර ජේලර්වරයෙකු , සැරයන්වරයෙකු සහ නියාමකවරයෙකු  යටතේ රඳවා තබා තිබෙනවා.

බන්ධනාගාර ආරංචි මාර්ග කියා සිටියේ මීගමුව බන්ධනාගාරයේ වයි. ඕ. වාට්ටුවේ පිහිටි විශේෂ සිරමැදිරියක අදාළ සැකකරු තනිව රඳවා ඇති බවයි.

ශරීර අවශ්‍යතා සඳහා පමණක් සැකකරු අදාළ සිරමැදිරියෙන් පිටතට ගනු ලබනවා. මීගමුව බන්ධනාගාරයේ සිටින සෙසු සැකකරුවන්ගෙන් මෙම සැකකරුට සිදුවිය හැකි හිරිහැර අවම කර ගැනීම සඳහා ඔහු තනි සිර මැදිරියක රඳවා ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග කියා සිටියේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7534314844844417399

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item