රුසියාව IS ත්‍රස්තයන්ට තදින් පහර දෙයි

සිරියාවේ IS කැරලි කරුවන් සිටින ඉලක්ක වලට දෙවන දිනයේදීත් රුසියාව විසින් ගුවන් ප්‍රහාර එල්ල කිරීම දිගින් දිගටම සිදු වන බව වාර්තා වෙයි. ...

සිරියාවේ IS කැරලි කරුවන් සිටින ඉලක්ක වලට දෙවන දිනයේදීත් රුසියාව විසින් ගුවන් ප්‍රහාර එල්ල කිරීම දිගින් දිගටම සිදු වන බව වාර්තා වෙයි.

විජයග්‍රහණයේ හමුදාව නමින් හඳුන්වන සන්නද්ධ කණ්ඩායමක් විසින් පාලනය ගෙන යන සිරියාවේ වයඹදිග ප්‍රදේශයේ කැරලිකරුවන් ඉලක්ක කර ගෙන රුසියානු ගුවන් ප්‍රහාර එල්ල වන බවයි ලෙබනනයේ ‘අල් මයදීන්’ රූපවාහිනිය වාර්තා කළේ.

රුසියාවේ ආරක්ෂක අංශ රුපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කළ රුසියානු හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉගොර් කොනෂෙන්කෝ කියා සිටියේ හමා නගරය ආසන්නයේ පිහිටි ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ තට්ටු තුනකින් සමන්විත ප්‍රධාන මධ්‍යස්ථානය විනාශ කිරීමට රුසියානු ගුවන් ප්‍රහාර සමත් වී ඇති බවයි.

කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය කියා සිටියේ රුසියාව විසින් සිදු කළ එම මෙහෙයුම් වල ඉලක්කය IS නොවන නමුත් රුසියාවට එදිරිවාදී සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ගේ හමුදා කණ්ඩායම් විය හැකි බවයි.

සිරියානු රජයට හිතවාදී හමුදා පරදවමින් පසුගිය මාස කිහිපය ඇතුළත ඉස්ලාම් සංවිධානයේ විජයග්‍රහණයේ හමුදාව විසින් සිරියාවේ වයඹදිග ප්‍රදේශයේ බලය අල්ලා ගැනීමට සමත් විය.

ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට එරෙහි යුද්ධයට විශාල වෙනසක් ඇති කිරීමට රුසියාව සමත් ව ඇති බවයි සිරියාව පවසන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 4016291220506410354

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item