ගම්මන්පිල දැන්මම මට්ටු කර ගන්න නියෝග
කථානායක කරැ ජයසූරිය මහතා ධූරයේ ගෞරවනීය හා පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය සලකා ධුරයෙන් ඉල්ලා අස්වන්න යයි ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී...

https://www.sathhanda.com/2015/10/udaya-prabhath-gammanpila.html
කථානායක කරැ ජයසූරිය මහතා ධූරයේ ගෞරවනීය හා පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය සලකා ධුරයෙන් ඉල්ලා අස්වන්න යයි ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටීම හේතුවෙන් ඔහු පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩකර ඇති බව පවසමින් ඔහු පාර්ලිමේන්තු පරප්‍රසද කමිටුවට කැඳවීමට නියමිත බව වාර්තා වේ.
මෙම තීරනය ගෙන ඇත්තේ පක්ෂ නායකයින්ගේ හමුවේදීය.
අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් පාර්ලිමේන්තු සම්ප්‍රදාය බිදිමින් කථානායකවරයාගේ බලතල පවා පවරාගෙන කථානායකවරයා ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත්වකරගෙන සිටින බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේය.
පසුගිය පාර්ලිමේන්තුවේ කථානායක ධුරය දැරු චමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වූ සිට සහෝදරයාට පක්‍ෂපාතී තීන්දු නොගත් බවත් කී මන්ත‍්‍රීවරයා වත්මන් කථානායකවරයා එම ගෞරවය මසක් ගතවීමට මත්තෙන් නැතිකර ඇතැයි ද සදහන් කළේය.
Related