ජාතික රෝහලේ වැඩවර්ජනයක් - සියලු රසායනාගාර පරීක්‍ෂණ නවතයි
කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය පරීක්‍ෂණාගාරවල තාක්‍ෂණ විද්‍යාඥයන් අද (28) වැඩවර්ජනයක නිරත වනවා. වෘත්තීය සමිති මර්දනය කිරීමට ආණ්ඩුව දරණ උත්සා...

https://www.sathhanda.com/2016/01/blog-post_164.html
කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය පරීක්‍ෂණාගාරවල තාක්‍ෂණ විද්‍යාඥයන් අද (28) වැඩවර්ජනයක නිරත වනවා.
වෘත්තීය සමිති මර්දනය කිරීමට ආණ්ඩුව දරණ උත්සාහය පරාජය කිරීම සදහා මෙම වැඩවර්ජනය කැදවා ඇති බවයි පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය පවසන්නේ.
එහි හිටපු ලේකම් සමන් ජයසේකර මහතාට විනය කි‍්‍රයාමාර්ග ගෙන ඇතැයිද එය වෘත්තීය සමිති මර්දනය කිරිමට ආණ්ඩුව දරණ උත්සාහයක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. අද කෙරෙන වැඩවර්ජනයට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේදී වඩා දැඩි වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග සංවිධාන කරන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.
අද කෙරෙන වැඩවර්ජනය හේතුවෙන් උදෑසන අටේ සිට පැය 24 ක් කොළඹ ජාතික රෝහලේ සියලු රසායනාගාර පරීක්‍ෂණ නතර වන බවයි පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා පෙන්වා දෙන්නේ.
Related