චාවකච්චේරියේ සැකකරු පිටුපස ඩයස්පෝරාව
චාවකච්චේරියෙන් හමුවූ මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය සහ බෝම්බ තොගය ලගතබා ගෙන සිටි බවට අත්අඩංගුවට ගත් සැකකරු ප‍්‍රබල කොටි සාමාජිකයෙකු වන මොරිල් ...

https://www.sathhanda.com/2016/04/blog-post_34.html
චාවකච්චේරියෙන් හමුවූ මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය සහ බෝම්බ තොගය ලගතබා ගෙන සිටි බවට අත්අඩංගුවට ගත් සැකකරු ප‍්‍රබල කොටි සාමාජිකයෙකු වන මොරිල් නැමැත්තා සමග සමීප සබඳතා පවත්වා ඇති බව අනාවරණ වී තිබෙනවා.
ඒ, අදාළ සැකකරුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදීයි. මෙම සැකකරු මොරිල් නැමැති කොටි සාමාජිකයා හරහා විදේශ රටවල සිටින එල්.ටී.ටී.ඊ ඩයස් පෝරාව සමගද සබඳතා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
මොරිල් නැමැති එල්.ටී.ටී.ඊ සාමාජිකයා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. හිටපු යුධ හමුදාපති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සැලසුම් කර ඇත්තේ ද මෙම සැකකරු විසින්.
චාවකච්චේරියෙන් හමුවූ මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය සමග අත්අඩංගුවට ගත් සැකකරු දකුණේ පාතාල කල්ලි සාමාජිකයන් සමගද සබඳතා පවත්වා තිබෙනවා.
එම සබඳතාද පවත්වා ඇත්තේ මොරිල් නැමැති ප‍්‍රබල කොටි සාමාජිකයාගේ මගපෙන්වීම යටතේයි.
Related