බස් ගැමුණු හැංගිලා
අද ක්‍රියාත්මක පුද්ගලික බස් රථ වර්ජනයට තම සංගමය එක් නොවන බව පැවසුවද ගැමුණු විජේරත්නගේ බස් සංගමයේ බස්රථ හිමියන්ට තර්ජන පැවතීම හේතුවෙන් එම ...
https://www.sathhanda.com/2016/12/blog-post_75.html
අද ක්‍රියාත්මක පුද්ගලික බස් රථ වර්ජනයට තම සංගමය එක් නොවන බව පැවසුවද ගැමුණු විජේරත්නගේ බස් සංගමයේ බස්රථ හිමියන්ට තර්ජන පැවතීම හේතුවෙන් එම වර්ජනයට එක්ව තිබුණා. 163 බස් රථ ධාවනය කරවන ගැමුණු විජේරත්නගේ පුද්ගලික ව්‍යාපාරයට අයත් බස් රථද අද ධාවනය කර නැත. ඔහුගේ වීදුරු ව්‍යාපාරය (සඳුනි ග්ලාස්) පිහිටි නුගේගොඩ හා නිවස පිහිටි මහරගමට යාබද ස්ථානඅසළින් ධාවනය වන මාර්ග අංක 119, 259, 163, 168, 176, ආදී කිසිදු මාර්ගයක පුද්ගලික බස් රථද අද පෙරවරුවේ ධාවනය වූයේ නැත.
මේ සම්බන්ධයෙන් අදහස් දැනගැනීමට අවස්ථා කිහිපයකදීම ගැමුණු විජේරත්න අමතන්නට මාධ්‍ය දැරූ උත්සාහය අසාර්ථකවූයේ ඔහු දුරකථනය ඕෆ් කර තිබුන නිසාය. ගැමුණු විජේරත්නගේ නිවසට ගොස් තොරතුරු විමසන්නට රූපවාහිනී නාලිකාවක් උත්සාහ කර තිබුණ අතර ඒ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ තමන්ට ඒ පිළිබදව අදහස් දැක්වීමට නොහැකි බවයි. පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති වශයෙන් ඔහු සැඟවුණ නිහඩ ප්‍රතිපත්තියක දැන් සිටින බව ඒ අනුව පෙනී ගියා.
Related